Search

සතර අගති වලින් මිදීම

Updated: Jul 12

සතර අගති වලින් මිදීම


ආශාව - අධික ආශාව නිසා යුක්තිය සාධාරණය පාවා සතර අපායේ උපදී . අධික වියදම් සහිත ජීවන රටාවකට හුරුවීම හා සීමාරහිත ලෙස ධනය ඉපයීමේ අධික ආශාව නිසා යුක්තිය සාධාරණය මායිම් නොකරයි. මෙලොවද නොයෙකුත් ීති ප්‍රශ්න සතුරු කරදර වලට මුහුණ දෙන අතර මානසික සහනය ද නැතිකරගනී. අවුරුදු හැට හැත්තෑවක දී අයිති කරගත් සියලු දේ අතහැර සතර අපායේ උපදී. ප්‍රඥාවන්තයා ආදීනව දකී, සාධාරණයට පිටුදැක කල්ප ගණනක සතර අපාය නිතර සිහි කරයි


තරහ/ වෛරය - ඊරිසියාව ්‍රෝධය නොරුස්නා ස්වභාවය නිසා යුක්තිය සාධාරණය ට පිටුපා මෙලොව ද ගැටලු නිර්මාණය කරගන්නා අතර සතුට නැතිකරගනී පරලව සතර අපායේ උපදී. කරණීය මෙත්ත සූත්‍රයට අනුව තමාට තමා අවංක වී ෛත්‍රිය වඩන්න.


බිය - තමාට වඩා බලවත් අයට ඇති බිය නිසා යුක්තිය සාධාරණය අමතක කර තමාට වඩා දුර්වලයන් තලා පෙලා දමයි. මෙලොවද නොයෙකුත් කරදර වලට ලක් වේ සතුට නැති කර ගනියි අවසානයේ සතර අපාය උරුම කරගනී. ජීවිතං අනියතං මරණං නියතං වශයෙන් භාවනා කරන්න. බෝසත් චරිත ීවිත පරිත්‍යාගයෙන් යුක්තිය සාධාරණය හා ධර්මය වෙනුවෙන් පෙනී සිටි ආකාරය සිහි කර ගන්න. ස්වභාවිකව මිය යන්නේ සති ගනන් මාස ගනන් ලෙඩ ඇඳේ දුක් විඳිමින් සා පිපාසාවෙන් පෙළෙමින් එසේ හෙයින් මේ කටුක යථාර්ථයට බිය නොවන්න


මෝඩකම - මම සියල්ල දනිමි කියා හෝ මම කිසිවක් ගන්නෙ නැති මෝඩයෙක් ඇයි කියා ්‍රඥාව දියුණු කර ගැනීම නවතාලයි. ඉහළ විකල්පයන් විසදුම් නොපෙනී මෝඩ අන්දමින් ගැටළු විසඳීමට යයි. සාධාරණය පාවා දෙයි. මරණින් පසු සතර අපායේ උපදී. හේතුඵල වාදය අනුව සිතමින් තමාගේ ක්‍රියා වල ප්‍රතිඵල විමසා බලයි. තමාටත් අන් අයටත් පරිසරයටත් යහපත් වන දේ සිදුකරයි


සතිපට්ඨානය දුර්වල වූ විට සිහිකල්පනාව දුර්වල වූ විට තමා සතර අගතියට යටත්ව ඇති බව නොදනී. ඉබාගාතේ කටයුතු කරමින් විනාශය කරා යයි. වැරදි කරන්න කරන්න සතිපට්ඨානය තවදුරටත් දුර්වල වීම සිදු වේ. තමා කරන දේ සාධාරණීයකරණය කරමින් තමාට තමා අවංක නොවී ිත්‍යාවේ ගොදුරක් බවට පත් වේ. නිරය උරුම කරගනී. මෙම අනතුරෙන් මිදීම සඳහා සතර සතිපට්ඨානයට යොමු වන්න. සති සම්පජඤ්ඤ, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, පංච නීවර්ණ ධර්ම ගැන සිහිය පිහිටුවා සප්ත බොජ්ජංග දියුණු කර ගැනීමට පෙළඹෙන්න. කුඩා උත්සාහය දිගු ගමනකට මග පාදයි


සසරේ භයානක භාවය දන්නා මම සතර අගතියට ගොස් සිල් බිඳගෙන සතර අපායක නො වැටෙමි මම මගේ දරුවන්ට අයථා ලෙස ඉපයූ ධනයෙන් පෝෂණය නොකරමි. ඔවුන්ද සසරේ අතරමං නොවීමට ශක්තිමත් කරවමි. මම අටලෝ දහමේ කම්පා නොවෙමි. අවුරුදු හැටක් හැත්තෑවක් ජීවත් වන මේ ජීවිතකාලය තුළ ලාභ අලාභ උරුමයි ඉපයූ කිසිවක් රැගෙන යන්නේ නැත. අපරාධකාරයාට වගේම සත් පුරුෂයාටත් ින්දා ප්‍රසංසා දෙකම උරුමයි. තිබෙන්නා වූ සැප සම්පත් එක් වරම අහිමි වීමට පිළිවන. රෝග පීඩා නොයෙකුත් ගැටලු සැමට උරුමයි. කරදර වලදී තවත් දුක් වීම හෝ සිල් බිඳගෙන ගැටළුවලට විසඳුම් සෙවීමට ගොස් කබලෙන් ලිපට වැටීමට මම සූදානම් නැත. විවාහ වීමට පෙර මෙම එකගතාවය ස්වාමියා හා බිරිඳ සමග ඇති කර ගන්න.


මහින්ද රනිල් හෝ ඇමති මණ්ඩලය දෙස බලා අප ගැන කණගාටුවක් හෝ මාන්නයක් උපදවා ගත යුතු නොවේ බුදුරජාණන් වහන්සේ දෙස බලා සය වසරක දුෂ්කරක්‍රියාව, සතලිස් පස් වසරක ධර්ම සේවය සලකා බලා ඒ අනුව හික්මීම වටී. පරාර්ථ චර්යාව අප අපටම කරගන්නා දෙයක් ලෙස සලකා බලා උකටලී නොවී පරාර්ථ චර්යාවේ යෙදෙමු


විකල්ප
.docx
Download DOCX • 21KB

18 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ