Search

බුදුදහමට ඇති අභියෝග

Updated: Jun 15


පණිවිඩය


තීරණාත්මක පණිවිඩය

ඔබ බෞද්ධයෙකු නම් අසතුටින්, අසාර්ථකව ජීවත් වීමට නොහැකිය. එසේ නම් කොහේ හෝ වරදක් ඇත. ඔබ බෞද්ධ දර්ශනය වැරදියට වටහාගෙන ඇති බව හෝ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නොමැති බව විය හැකිය. තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇති අප පවසන්නේ, “එන්න අප හා සමග එක්වන්න, සතුටින් ජීවත්වන, මෙලොව හා පරලොව ජයගත්, ලෝකයට ආලෝකයක් වූ අයෙක් වන්න. ජීවන ගැටලු හමුවේ හුදකලා නොවන්න. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබමින්, දැනුම හා අනෙකුත් උපකාර ලබමින් ජීවිතය ජයගන්න.”

  • හොඳ නරක ධර්මය අධර්මය දන්නා

  • ධර්මයෙහි හැසිරෙන

  • පරාර්ථකාමී

  • සතුටින් ජීවත්වන

  • ජීවිතයේ ඉලක්ක නිවැරැදිව හඳුනාගත්

  • සසරේ අතරමං නොවන

  • මරණයට බිය නැති, අට ලෝ දහමෙහි කම්පා නොවන, සතර අගතියට නො යන

  • මෛත්‍රියෙන් පිරුණාවූ


“ඒ භාග්‍යවත් වූ (රාග, ද්වේශ, මෝහ විනාශ කළ බැවින්) අරහත් වූ( රහසින් පව් නොකළ, තමාට තමා අවංක, වන්දනාවට ගෝචර වූ) උතුම් වූ බුදුන්වහන්සේ ගුණ අනුගමනය කිරීමට ඇති කරගන්නා ආධ්‍යාත්මික ගිවිසුමයි.ʺ


ධර්ම මාර්ගය පැහැදිළියි. එය මනාව දේශනා කරන ලද්දක්. උපරිම උත්සහය අවුරුද 7යි (මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව අපි බත් පත පිළිබද බිය නිසා අවුරුදු 13 ක් පාසලේ ඉන් පසු වැඩිදුර අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාල ආදියේත් කෙතරම් වීර්යය වඩන්නේද ? කොතරම් නම් ධනයක් ආයෝජනය කරන්නේද ? එහෙත් ප්‍රධාන ප්‍රශ්නය වන සසර දුක දුරු කරගැනීම සදහා කොතරම් වූ අඩු ලංසුවක් ලබාදී ඇත්ද? කොතරම් නම් අවබෝධයක් වීර්යයක් වඩන්නේද ? ගත කරන කාල පිළිබදව සෑහීමකට පත් විය හැකිද?


කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ නම් සද්ධර්මය ශ්‍රවණය කර ධාරණය කර නුවණින් විමසමින් ප්‍රතිපදාවන් අනුගමනය කරමින් තමා තුළට පමුණුවා ගත්තේ නම් ප්‍රතිඵල ලබාගත හැකිය.


එහෙත් බහුතර ලෝකයා කෙලෙස් සහිත සසරක සසර පුරුදු සහිතව සංස්කාර ලෝකයේ අතරමංව සිහිමුළාව මේ සසර සැපයි ප්‍රණීතයි ලෙස ගනිමින් ආදීනව නොදකිමින් ගමන් කරයි.


සැබෑවටම සසර දුක අවබෝධ කරගත් සසරබිය දැනුණ පුද්ගලයා විර්යය වඩන්නේ කිසිවක් ලබාගැනීමට නොව සියලු තෘෂ්ණාවන් සිදීමටය. ඔහුට සසර බියට අමතරව වෙනත් මානසික අල්ලස් (දිව්‍ය සැප) අවශ්‍ය නැත.

කළ්‍යාණ මිත්‍රයා අපට පවසන්නේ මේ සසර බියයි. චතුරාර්ය සත්‍යයි. හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්න වෙහෙසන්නාක් මෙන් භව ගින්දර මැඩීමට වෙහෙසිය යුතු යැයි දිනකට කස පහර 300 ක් බැගින් අවුරුදු 300 ක් විඳ සෝවාන් ඵලය ලබාගතහැකි නම් එය ලබාගන්නා ලෙසයි. ඕනෑම දුකක් විද සසර දුක නැති කිරීමට කැපවන ලෙසයි. ඒ සසර දුක එම කස පහරවල්වලට වඩා දුක වැඩි නිසයි. සසරේ අප හෙළා ඇති කදුළු මහ සාගරයේ ජලයට වඩා වැඩියි' සසරේ අප හෙළා ඇති රුධිරය මහ සාගරයේ ජලයට වඩා වැඩියි.


සැබෑ බෞද්ධයා චතුරාර්ය සත්‍ය දනී. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී. එහි ගමන් කරයි. නැවත නැවතත මා තුළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩී ඇති අයුරු අවබෝධයෙන් මෙනෙහි කරමින් වීර්යය වඩයි.ඔවුන් සද්ධානුසාරී ධම්මානුසාරී ලෙස යම් අවබෝධයක් ලබාගනී. එහෙත් තවමත් සතර අපායෙන් මිදී නැත. තවදුරටත් වීර්යයවඩන ශ්‍රාවකයන් සෝවාන් ආදී මගඵල ලබමින් සතර අපාබියෙන් මිදෙයි. මෙම මගඵල ඔවුන්ට මානය ලබාගැනීමට ආභරණයක් නොවෙයි. තව තවත් හික්මීමට හේතුවකි.


ගිහි ජීවිතයෙන් මිදීමට තරම් ශක්තියක් නොමැති ශ්‍රාවකයන් සදහා බුදුරජාණන් වහන්සේ ගිහි ප්තිපදාවක් සදහා අ ධර්ම කරුණු දේශනා කර ඇත. අල්පේච්ඡ සරළ ජීවිතයක් ගත කරමින් යුතුකම් ඉ‍ටු කරමින් කුසල් වඩමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමයි.එම ගිහි ප්‍රතිපදාවේ දී මංගල සූත්‍රයට, පරාභව සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය ඔබට බෙහෙවින් උපකාර වනවා ඇත.


ධර්මය ධර්ම සාකච්ඡා,සිල් සමාදන්වීම්, වෘත සමාදන් වීම් ලෙස නොගන්න. ආශ්වාදය දෙන්නා වූ බුද්ධිමය වින්දනයක් ලෙස නොගන්න. අපගේ පරම ඉලක්කය විය යුත්තේ සසරින් මිදීමයි. ඒ සදහා වූ තෘෂ්ණාව සිදීමයි.


තමාට කරගන්නා පරම මෛත්‍රිය නම් සතර අපායෙන් මිදීමයි. (සෝවාන් ඵලය) අනෙකෙකුට කරන්නා වූ පරම මෛත්‍රිය නම් ධර්ම මාර්ගයේ ගමන් කර සතර අපායෙන් මිදීමට උපකාර කිරීමයි.


බුද්ධ ශාසනව වැරදි කළවුන්ට නිවැරදිවීමටයි. අසම්පූර්ණ වූවන්ට සම්පූර්ණවීමටයි. කිසිවකු කොන් කිරීමක් බුද්ධ ශාසනයේ නැත. තමා වැරදි කළ බව දැන ඒ බව වෙනස් කිරීමට සිතූ, මිනීමැරුම් 999 ක් කළ අංගුලිමාල මහරහතන්වහන්සේ අදත් පිදුම් ලබයි. අම්බපාලි නම් වූ ප්‍රධාන ගණිකාව රහත් උත්තමාවියක් බවට පත්වුණා. අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන්වහන්සේ සංසාරයේ තම දෙමව්පියන් ඝාතනය කළා. සංසාරයේ වරදවල් නොකළ අසරණ නොවූ කිසිවෙක් නැත. ඒ නිසා වැදගත් වන්නේ අතීතය නොව වැරදි නිවැරදි කරගෙන අනාගතය යහපත් කර ගැනීමයි.

ඔබ ප්‍රමුඛතා හදුනාගෙන දීර්ඝ කලීන විසදුම් කරා යන්නේ නම්, ධර්මය තුළ හික්මෙන තරමටම යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

ඔබ වර්තමානයේ කුමන ගැටලු සහගත තත්වයක සිටිය ද ඒ සියල්ල විග්‍රහ කරගෙන විසදා ගැනීමට මෙම වැඩසටහන උදව් කරගන්න.

ඔබගේ ධර්මය පිළිබද සියලු ගැටලු සැක සංකා දුරු වී ජීවිතයට යහපත් ඉලක්ක හා ධාර්මිකව එම ඉලක්ක සපුරා ගන්නා අයුරු පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ මූලික ම ප්‍රතිලාභයයි. එහෙත් එයටත් වඩා වැදගත් වන්නේ මෙම ඝෝර, කටුක, භයංකර සසරේ අතරමං නොවීමයි. කාලයත් සමග කලු වළාවකින් මෑත් වන පුන් සදක් සේ ඔබ බබළාවී.


වැඩසටහන් ආකෘතිය

  • ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා වඩන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නෝ වෙමු. ඒ අනුව,

  • සම්මා දිට්ඨියේ පිහිටන අපි යෝනිසෝ මනසිකාරය දියුණු කරමු. හේතුඵල වාදය අනුව සිත දියුණු කර ගනිමින් ප ක්‍රියාවල ආශ්වාදය හා ආදීනව හඳුනාගනිමු. ගැටළු වලට පැහැදිලි විකල්ප හඳුනාගනිමු. ගැටළු විසඳීමට ගැටලුවද ගැටළුවට හේතුව ද හේතුව නැති කරන විසඳුමද ම විසඳුම ක්‍රියාත්මක කිරීමේ පියවරයන් ද හඳුනාගනිමු.

  • සීලයේ පිහිටන අපි ආජිවක අෂ්ඨමක සීලයත්, ඉන්පසු ඉන්ද්‍රය සංවර සීලයත් පුහුණු කරමු.

  • උත්සාහයෙන් සතර සම්‍යග් ප්‍රධාන වීර්ය වඩන අපි දස අකුසලයෙන් වෙන් වී දස කුසලයේ ශක්තිමත් වෙමු.

  • සිහිය සතිය දියුණු කරගන්නා අපි පංචනිවරණ ධර්ම වලින් වෙන් වී සප්ත බෝජ්ජංග වඩන්නෝවෙමු.

  • විදර්ශනා ඥාණය දියුණු කරගෙන අපි සම්මතයෙන් ඔබ්බට ගොස් සත්‍ය දකින්නෝ වෙමු.

  • මේ අනුව සංස්කාර ලෝකය වටහාගෙන එම සංස්කාර ලෝකයෙන් මිදෙන දිශාවට තෘෂ්ණාව ප්‍රහීන කරමින් ගමන් කරන්නෝ වෙමු.

  • නිතර නිතර අපි ප්‍රත්‍යවේක්ෂාවෙන් අපගේ කායකර්ම,වචීකර්ම,මනෝකර්ම දෙස බලා නිවැරදි වෙමු. නැවත නැවතත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අකුසල වැඩී ඇති අයුරු විමසමින් ශක්තිමත්ව එම මාර්ගයේ ගමන් කරමු.

  • ලෝකෝත්තර මාර්ගයෙන් පන්නරය ලබන අපි අපගේ පෞද්ගලික ලෞකික ජීවිත ශක්තිමත් කර ගනිමු. සතර ඉර්දිපාද වඩමු

  • ලෞකික ජීවිතයේ ඉලක්ක හා ප්‍රමුඛතා නිවැරදිව හඳුනා ගනිමු.

  • යුතුකම්,වගකීම් වලින් පලානොයන අපි පවුලට, රටට, සමාජයට යුතුකම් ඉටුකරන්නෝ වෙමු.

  • මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයෙන් ලෝකය දෙස බලා කටයුතු කරමු.

  • ඡන්දය, ද්වේශය,භය,මෝහයෙන් වෙන්වී දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහවස්තු වලට අනුව ලෝකය සමඟ ගනුදෙනු කරමු.

  • සැමට නිවැරදිව උවමනාව හා හැකියාව ඇති බව දකිමින් කිසිවකුත් කොන් නොකොර නිවැරදි වීමට උපකාර කළ හැකිනම් උපකාර කරමු.

  • බෞද්ධ නායකත්ව ගුණ වගාකරමින් බෝධිසත්වයකු ලෙස ලෝකය සුවපත් කරමු.

  1. තොරතුරු විශ්ලේෂණය කර නිගමනවලට බැසීම (කාලාම සූත්‍රය ඇසුරෙන්)

  2. තමා තමා හඳුනාගැනීම

  3. ඔබ කොතරම් භාග්‍යවන්තයෙක් ද?

  4. මෙවන් පුද්ගලයකු වීමට ඔබත් කැමතිද?

  5. ඕපනයිකෝ

  6. පෙර විමසුම

  7. සිංහල බෞද්ධ අනන්‍යතාව පැහැදිලි කරගැනීම

  8. මෙලොව පරලොව සහිත පුළුල් දැක්ම

  9. මූලික බෞද්ධ විස්වාසයන් 7

  10. ශ්‍රද්ධා වීර්ය සති සමාධි ්‍රඥා

  11. යුතුකම් වගකීම් අයිතිවාසිකම්

  12. සතර සංග්‍රහ වස්තු

  13. සතර අගතියෙන් වෙන්වීම

  14. සීලය

  15. සතර බ්‍රහ්ම විහරණය

  16. මංගල කරුණු

  17. සතර ඉර්ධිපාද හා යහපත් ලෞකික අරමුණු සකසා ගැනීම

  18. නිවැරදි උපේක්ෂාව හා අටලෝ දහමෙහි කම්පා නොවීම​

  19. ජීවන චක්‍රය හා අභියෝග

  20. ප්‍රමුඛතා හඳුනා ගැනීම තුළින් දියුනුවට හා සාර්ථකත්වයට නව අර්ථකථනයක්

  21. බෞද්ධ නායකත්වය

  22. ද්වේෂය වෛරය තරහව පාලනය කිරීම

  23. ගැටලු කළමනාකරණය කර ගැනීම

  24. සන්නිවේදනය හා සමාජ සබඳතාවයන්

  25. මමත්වය මාන්නය හීනමානය දුරු කර යහපත් ආත්ම ශක්තියක් ඇති කර ගැනීම

  26. අදික ආශාවන් පාලනය කර ගැනීම

  27. වැරදි පුරුදු වලින් හා ඇබ්බැහිකම් වලින් මිදීම

  28. අකුසල් විපාකවලින් මිදීම හා පෙර පින් මතුකර ගැනීම

  29. අමනුෂ්‍ය බලපෑම්වලින් නිදහස් වීම

  30. වැරදි කරන අයෙකුට නිවැරදි වීමට පිහිට වන්නේ කෙසේද?

  31. නොයෙක් හේතු නිසා අසරණ වූවෙකුට පිහිට වන්නේ කෙසේද?

  32. මානසික සහනය හා සතුට දියුණු කර ගන්නේ කෙසේද?

  33. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම

  34. භාවනාව

  35. සූත්‍ර විනය අභිධර්මය - ලෝකය අවබෝධ කර ගැනීම ද ලෝකයෙන් මිදීම ද?

  36. පසු විපරම හා ක්‍රියාකාරකම්





විශේෂ ප්‍රශ්න කීපයක් අප වෙත යොමුවූ :

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමේදී මෙම ප්‍රශ්න සියල්ල විසදෙනු ඇත. එහෙත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඥාන විශ්වාසය ඇති වීමටත් තවදුරටත් එම ධර්ම කරුණු විග්‍රහ කරගැනීමටත් සඳහා වෙන වෙනම එම ගැටළු කිහිපයට අදහස් දක්වමු.

  • ද්වේශය, තරහව, කේන්තිය පාලනය කරගන්නේ කෙසේ ද ?

  • මාන්නය, මමත්වය, පාලනය කරගන්නේ කෙසේ ද ?

  • හීනමානය දුරුකර යහපත් ආත්ම ශක්තියක් ඇතිකරගන්නේ කෙසේ ද ?

  • දූ දරු දෙමව්පිය ගැටුම් විසදා ගන්නේ කෙසේ ද ?

  • ස්වාමී භාර්යා ගැටුම් විසදා ගන්නේ කෙසේ ද ?

  • අකුසල් යටපත් කරගෙන පෙර පිං මතු කරගන්නේ කෙසේ ද ?

  • අමනුෂ්‍ය දෝෂ වලින් මිදෙන්නේ කෙසේ ද?



ඉහත වැඩසටහන් ආකෘතිය සංකීර්ණ වැඩිනම් ාලාම සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ංගල සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය පමණක් ඉලක්ක කරගෙන ම සූත්‍ර වැඩිය හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම මගින් අදාළ අරමුණු ඉටුකර ගත හැකි බව සඳහන් කළ යුතුය



බුදුදහමට ඇති අභියෝග


බුදුරජාණන් වහන්සේ සරල කර ඉගැන්වූ තුරාර්ය සත්‍ය ධර්මය ඉගෙනීමට ඉතා අසීරු සංකීර්ණ ධර්මයක් බවත් අසූහාර දහසක් ධර්මස්කන්ධය මෙම ආත්මයෙදි අවබෝධ කරගත නොහැකි බවත්, පාරමිතා මදි බවත් කියාපාමින් ෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා පුද පූජා ආ දානාදි කුසල කර්ම සිදුකළ යුතු බවත් කියාපාමින් බෞද්ධයින්ගේ ආත්මශක්තිය ආත්ම විශ්වාසය විනාශ කරන්නවුන්


බුදුරජාණන් වහන්සේගේ ූත්‍රගත ධර්මය සරලයි බුද්ධ ජයන්ති ිංහල ත්‍රිපිටක පරිවර්තනය කියවන්නේ නම් භික්ෂූන්ගේ ධර්ම දේශනාවලට වඩා හොඳින් එය අවබෝධ කරගත හැකිය. ඩුදුම්බර කාශ්‍යප වැනි සමහර භික්ෂූන් වහන්සේලා එම සරල එම සරල බුදු දහම හිතාමතාම සංකීර්ණ කර පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීම මෙයින් ධර්මය හදාරන්නන්ගේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය බිඳවැටී ඇත


සතර සතිපට්ඨානය පුහුණු කිරීම අසීරු බවත් එහෙ සජ්ජායනය ට සුදුසු බවත් පවසමින් ධර්ම මාර්ගයේ ගමන් ගන්නා දුර්වල කිරීම


නොවැදගත් ධර්ම කරුණු හුවා දක්වමින් ්‍රමුඛතා අමතක කරවන තුරාර්ය සත්‍යයට ආර්ය අෂ්ටාංගික මාර්ගයට සතර සතිපට්ඨානයට සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වලට ඇති අවධානය ඉවත් කරන කෙන්ද කන්ද කරන ධර්ම දේශනා. සද්ධා නාලිකාව බෞද්ධයා නාලිකාව මේ අන්දමින් බෞද්ධයන්ගේ වටිනා කාලය භාවනාවක් වැඩිය හැකි වටිනා කාලය කා දමමින් සිටියි.


භාවනාමය උපක්ලේශ, වංචක ධර්ම, භාවනාව දියුණු කරගෙන යාමේදී ඇතිවන තාවකාලික පසුබෑම් හා අභියෝග ගැන නොදැනුවත්කම හා එම අභියෝග ජය ගනිමි උපදෙස් ඉගැන්වීමෙන් තොරව භාවනාවෙන් උන්මත්තකයන් බිහිවන බවත්, ඒ නිසා භාවනාව නො වැඩිය යුතු බවත් පැවසීම


භාවනාව පුහුණු කිරීමේ නාමයෙන් ආනාපානසතිය පමණක් ආධුනිකයන්ට ඉගැන්වීම. ආනාපානසතිය ආධුනිකයින්ට අසීරු හා නිරස භාවනාවකි. එම ආනාපානසතිය පවා අසීරු කර උගන්වා භාවනාව ඉතා අසීරු දෙයක් බව හුවා දක්වා ආධුනිකයන් දුර්වල කිරීම.


කාලාම සූත්‍රයේ එන බෞද්ධ ද්‍යාත්මක ක්‍රමය වෙනුවට, හේතුඵල දහම වෙනුවට ූතන විද්‍යාව හා තර්කය උසස් බව පවසමින් තම පිළිමයට පවා වන්දනා කරවන මන්ත භද්‍ර වැන්නවුන්


මහා සතිපට්ඨාන සූත්‍රය වශ්‍ය නැත බාහියදාරුචීරිය ඉක්මනින් නිවන් දැක්කත් මෙන් ිවන් දැකීමට සරල ක්‍රම ඇතැයි ්‍රචාරය කිරීම


සතර මහා භූතයන් නැත, ආයතන හයක් නැත, කිසිවක් නැත ආදිය පවසන අමුතුම ුන්‍යතා වාදීන්


බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ්‍රී ලංකාවේ ය ධර්මාශෝක රජ්ජුරුවෝ ධර්ම මංකොල්ලයක් කළේය ලංකාවේ බුදු දහම උදුරාගෙන ෝකයට ප්‍රචාරය කළේය. ආදී වශයෙන් පවසන ඉතිහාසය විකෘති කරන්නං


බුදුරජාණන් වහන්සේ ෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කළේය එහෙත් බුද්ධ ශාසනය පිහිටුවීමට නොහැකි විය මිහිඳු හිමියන් ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවීම මේ ආදී වශයෙන් ඉතිහාසය තුළ සිරවී ධර්ම මාර්ගය වැඩීම දුර්වල කර ගන්නත්


දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය ධාතු නිදන් කරන විට බුදු රුව මැවී මක මහා ප්‍රාතිහාර්යය බැහැ බව කියමින් නිවනට අලුත් අර්ථකථන දෙන්නන්


බුදුරජාණන් වහන්සේ හා යශෝධරාවන් අප දෙස බලා සිටින බව. නීරෝගී වීමට බක්කුල මහා සෑයට වන්දනා කිරීමට යොමු විය යුතු බවත්


චීවරය දරාගෙන ොයෙකුත් ව්‍යාපාර මත් වතුර කුඩු වෙළඳාම ්ත්‍ර මන්ත්‍ර කේන්දරය ආදිය කරන්නවුන්


චීවරය දරාගෙන ්ත්‍රී දූෂණ ළමා අපචාර කරන්න උන්


චීවරය දරාගෙන රදි ලෙස ප්‍රශ්න විග්‍රහ කරමින් දූෂිත දේශපාලන අපරාධකාරයින්ට බලය රඳවා ගැනීමටඋපකාර කරන්නන්


බෞද්ධයින්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියා දෙන මත් වතුරෙන් සභ්‍ය වචනයෙන් තම චරිතය කෙලෙසා ගෙන වැරදි බණ දේශනා කරමින් ්‍රචලිත වන ගලගොඩාත්තේ ඥානසාර වැන්නවුන්


පාසල් අධ්‍යාපනයේ දී ා දහම් පාසල් අධ්‍යාපනයේ දී කරණීය මෙත්ත සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍රය අනෙකුත් සූත්‍ර පාඨ ්‍රායෝගිකව පුහුණු කිරීමට වැඩපිළිවෙළක් නොතිබීම වසර ගණනාවක් ධර්මය ඉගෙනීමේ නාමයෙන් විනාස කිරීම. බුදු දහමේ නාමයෙන් නොයෙකුත් diploma උපාධි PhD නිර්මාණය වුවත් ඔවුන්ගේ ප්‍රායෝගික ධර්ම දැනුම ඉතාම අල්ප වීම.


අසූහාරදහසක් පහන් පූජා පිච්ච මල් පූජා සිවුරු පූජා හා නොයෙකුත් ාලය ධනය ශ්‍රමය වැයවන පූජා වලට සංවිධාන ශක්තිය වැය කරන අතර ්‍රායෝගිකව මහා සතිපට්ඨාන සූත්‍රය ්‍රචලිත කරන වැඩසටහනකට එම ශක්තිය භාවිතා නොකිරීම


ආර්ථික අපහසුතා වල සිටින්නවුන් දඹදිව වන්දනාවට යොමු කිරීම. ඒ වෙනුවට පහසුවෙන් ධර්මය වැඩිය හැකි මුදල් වැය නොවන සතර සතිපට්ඨානයට ඔවුන් යොමු නොකිරීම. ඉතා ඉහළ මුදලක් වැයවන කඨින පූජා උත්සව අටමහකුසල් උත්සව වලට ගිහි ජනතාවගේ ධනය කැපකර වීම


විකෘති වූ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ඉගැන්වීම


මඩකලපුව ්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල බෞද්ධයන්ට තම කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩ නොලැබීම හා නීතියේ පිළිසරණක් නොලැබීම.


අන්තර්ජාතිකව බුදු දහම ෞද්ධ මනෝවිද්‍යාව ආදිය පිළිබඳව ංග්‍රීසි භාෂාවෙන් නොයෙකුත් වැරදි මත ්‍රචාරය වීම


ඉහත කරුණු නිසා බෞද්ධයන් වික්ෂිප්ත වී ඇත ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය දුර්වල කරගෙන ඇත ධර්ම මාර්ගය වැඩීමට උනන්දුව ඇති කරගැනීමට අසීරු වී ඇත. තම දරුවන්ට පවා උගන්වන්නේ කුමක්දැයි නොදැනිම උකටලීව ඇත සරණ පතා තව තවත් ධර්ම විකෘතියක් වන පුද පූජාවන්ට යොමු වෙමින් පවතී. අන්‍යාගමිකයන් ඉදිරියේ උපහාසයට අපහාසයට ලක් වෙමින් පවතී





විසඳුම


සියලු නිකායවල එකඟතාවයකින් හා සතිපට්ඨාන සූත්‍රය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ැඩිය හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් නිර්මාණය කර ජනතාවට ඉදිරිපත් කිරීම ඔවුන් එම ්‍රායෝගික වැඩ පිළිවෙළ අනුගමනය කිරීමේදී ඇතිවන ගැටළු වලට උපදෙස් දීමට සමත් භික්ෂු පිරිසක් නිර්මාණය වීම


බෞද්ධ ඉතිහාසය පිළිබඳ කෙටි හා නිවැරදි ධ්‍යාපනයක් ඉදිරිපත් කිරීම


ධර්ම දේශනා ්‍රිපිටකය මත පදනම්ව සිදු කිරීම හා බුද්ධ ජයන්ති ිංහල ත්‍රිපිටක පරිවර්තනය අධ්‍යනය කිරීමට සිංහල බෞද්ධ ජනතාව පෙළඹවීම


සියලු බෞද්ධ කමටහන් සරලව ඉගැන්වෙන වැඩසටහන් මාලාවක් වෙබ් අඩවියක් මගින් දැනුවත් කරවීම. තම ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීමට දහස් ප්‍රකාශ කිරීමට එම වෙබ් අඩවියේ තුළ අවකාශ ලබා දීම


වර්තමාන අභියෝගයන්ට මුහුණ දීම සඳහා බෞද්ධයන් අට ලෝ දහමෙහි කම්පා නොවීමටත් සතර අගතියට ලක් නොවීමටත් ශක්තිමත් කිරීම


ඉහත සඳහන් බුදුදහමට ඇති හඳුනාගත් අභියෝග පිළිබඳව සියලු බෞද්ධයන් දැනුවත් කරවීම


භික්ෂුත්වයට නිගාවක් වන බුදුදහමට අභියෝගයක් වන භික්ෂූ වේශධාරී න් ට විරුද්ධව පියවර ගැනීම හා ඔවුන්ට ථෙරවාදී බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමට ඉඩ නොදීම හා චීවරයෙන් නෙරපීම


පොදු එකගතාවයෙන් ඇතිවන මෙම වැඩපිළිවෙල පිළිබඳ සියලු භික්ෂූන් දැනුවත් වීම හා සියලු භික්ෂූන්ගේ සහාය ලබාගෙන සියලු බෞද්ධයන් දැනුවත් කරවීම


අන්තර්ජාතිකව ථෙරවාදී බුදු දහම පිළිබඳ පැහැදිලි මතයක් ්‍රචලිත කිරීම ධර්ම විකෘති විරුද්ධව කටයුතු කිරීම . ඉංග්‍රීසි භාෂාවෙන් ්වයං අධ්‍යයනයට අවශ්‍ය පහසුකම් සැපයීම


ත්‍රෛනිකායික සංගායනාවකට අවකාශ නොලැබේ නම් දැනුවත් භික්ෂූන් සුළු පිරිසක් හෝ එකතු වී සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිය හැකි වැඩපිළිවෙළක් ිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් නිර්මාණය කිරීම.



බුදුදහමට ඇති අභියෝග (1)
.docx
Download DOCX • 36KB

Dharma Coaching
.docx
Download DOCX • 18KB

ධර්ම සංගායනාව
.docx
Download DOCX • 15KB

24 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ