Search

ජනතාවට අද බත් පත වත් නොමැත. ඒත් ජනතාව බත්පතට වඩා යමක් අපේක්ෂා කරයි.

ජනතාවට අද බත් පත වත් නොමැත. ඒත් ජනතාව බත්පතට වඩා යමක් අපේක්ෂා කරයි.


ශ්‍රී ලංකාවේ ගැටලුව සංකීර්ණයි ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය රටේ සෑම ්‍යූහයක් ම විනාස කර ඇත.

රටට දීර්ඝකාලීන දැක්මක් නැත, දීර්ඝ කාලීන ඉලක්ක නැත. තීරණ ගැනීමේදී භාවිතා කරන මූලධර්ම හා සාරධර්ම ගැන දැනුවත් නැත. ‍රමවත් පරිපාලන ව්‍යුහයක් නැත. වගකීම් වගවීම පැහැදිලි නැත. විනිවිද පෙනෙන සුළු භාවය දුර්වලය. System පද්ධති තාම ප්‍රාථමික ය. දේශපාලන සංස්කෘතිය, ආයතන පරිපාලන සංස්කෘතිය, රටේ සංස්කෘතිය වෙනකක් තබා ආගමික ස්ථානවල සංස්කෘතිය පවා පිරිහී ඇත.


කැමති වුවත් නැති වුවත් සෑම දෙනාම නායකයන් අනුකරණය කරයි. නායකයා හොරෙක් වුවොත් තව තවත් හොරුන් බිහිවෙයි. නායකයා අපචාරවල යෙදෙන්නේ නම් අනුගාමිකයන්ද අපචාරවල යෙදෙයි. නායකයා වනචරයෙක් නම් මැරයෙකු නම් තව තවත් වනචර මැරයන් බිහි වෙයි.


රනිල් හා ඔහුගේ කණ්ඩායම රට පාලනය කළා, මහින්ද හා ඔහුගේ කණ්ඩායම රට පාලනය කළා. ඔවුන්ගේ ආභාෂය ලැබූ ඊළඟ පරම්පරාවද ඔවුන්ගේ අඩි පාරේ ගමන් කරයි.


රෝහණ විජේවීරගේ ආභාසය ලැබූ ජේවීපී හා පෙරටුගාමී පක්ෂ නවක වදය තවදුරටත් කරගෙන යයි. ඔවුන්ද ්‍රධාන දේශපාලන පක්ෂ වල අතුරු ඵලයන්ය. ඔවුන්ගේ ද තීරණ ගැනීමේ මූලධර්ම හා සාරධර්ම පිළිබඳව ිග්‍රහයක් ඔවුන්ට ද නැත. ඔවුන්ට අනුග්‍රහය දක්වන ොහෝ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ ද මෙම දුර්වලතාවය පවතී. පොහොට්ටුවට සහාය දක්වන්නන් ද? රනිල්ට සහය දක්වන්නන් ද? ඊනියා සමාජවාදී ද? මොවුන් අතර වැඩි වෙනසක් නොමැත.බලය ලැබුණු පසු ඔවුන් ද බලය අයථා ලෙස යෙදවීම වැළැක්විය නොහැකියි


පාඨලී චම්පික රණවක හා සරත් ෆොන්සේකා ැපී පෙනෙන අනන්‍යතාවයන් ගොඩනගාගෙන ඇත. එහෙත් ඔවුන්ද පිරිවරා ගෙන ඇත්තේ දූෂිත දේශපාලන සංස්කෘතියේ ගොදුරු ය. ඔවුන්ටද අපි අභියෝග කරන්නේ හැකිනම් අවුරුදු 100ක සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරන ලෙසයි. අවුරුදු 10 කින් සියලු විදේශ ණය ගෙවීමට පොරොන්දු වන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසයි. නව මුදලක් ඉදිරිපත් කර විගණන ශක්තිමත් කරන ලෙසයි. විනිවිද පෙනෙන සුළු භාවය වගකීම වගකීම තහවුරු කරන රිපාලන ව්‍යුහය හා පද්ධතිය පැහැදිලි කරන ලෙසයි.


ජනතාවට අද බත් පත වත් නොමැත. ඒත් ජනතාව බත්පතට වඩා යමක් අපේක්ෂා කරයි. ඒ නිසා ඔවුන් බඩගින්නේ තබා ඔවුන්ගේ අපේක්ෂාව අඩුම තරමේ බත්පත වර ලැබේවායි යන තැනට ඔවුන් අසරණ කර අපරාධ සංස්කෘතිය පවත්වා ගැනීමට උත්සාහ කරයි.


ජනතාව බලාපොරොත්තු වන මෙලොව පරලොව දියුණුව,ආදරේ කරුණාව දයාව අභිමානය, සතුට, දීර්ඝකාලීන සැනසීම, අනාගත පරපුරේ අභිවෘද්ධිය වර්තමානයේ පවතින කිසිම දේශපාලන පක්ෂයකින් හෝ නායකත්වයකින් බලාපොරොත්තු නොවිය හැකි බව ඔවුන් හොඳින් දනී. එහෙත් සිටින යකුන් අතරින් අඩුවෙන්ම කළු යකා සෙවීමට ඔවුන් කාලය නාස්ති කරයි. වගකීම් පැහැර හරිමින් නරුමයන්ට වගකීම් පවරා දී කෙඳිරි ගෑම වෙනුවට වගකීම් ගෙන හැකියාවන් දියුණු කරගෙන දුර්වලතා මගහරවාගෙන නායකයන් වීමට උත්සාහ දරන්නේ නම් ෙම ප්‍රශ්නය මේ වන විටත් විසඳී හමාරය. වර්ෂ 6න් 6ට බලාපොරොත්තු අලුත් කරගෙන කෙඳිරි ගෑම වෙනුවට වගකීම් ගෙන නායකත්වය ගෙන දීර්ඝකාලීන ස්ථිරසාර වැඩපිළිවෙළට අපත් සමග පෙළගැසෙන්න.


13 views0 comments

Recent Posts

See All

සුද්දා ආවා ්‍රාථමික ජාතීන් ශිෂ්ට කරන්න කියලා. යුද්ධය කාලයක් පැවතුණා මෙව්වා මුළු විනාස වෙලා පුරන් වෙලා ගියා රට දුර්වල වුණා අවසාන වශයෙන් ට ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉංග්‍රීසි රට ශිෂ්ට කරන්න කියාගේ බණ්

ශ්‍රී ලංකාවේ තිබූ රජයයන් වල මෝඩ තකතීරු ්‍රතිපත්ති හා සැලසුම් නිසා සිදු වූ හානිය දූෂණ වංචා වලින් සිදු වූ හානිය මෙන් සිය දහස් ගුණයකින් වැඩිය සිංගප්පූරුවේ දළ ජාතික නිෂ්පාදනය 340 billion USD වන විට අපගේ